සංක්‍රමණිකයන් පිළිබඳව ට්‍රම්ප් ජනපතිවරයා ගේ නව විධායක තීන්දු සම්බන්ධයෙන් ඔහු පළ කර ඇති ෆේස්බුක් පණිවිඩයක මේ බව සඳහන් වේ.
“ජනවාරි 01 දා බ්‍රිතාන්‍යයේ මහරැජින විසින් මාව නයිට්වරයෙකු ලෙස නම් කළා. ජනවාරි 27දා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මාව පිටසක්වල ජීවියෙක් කරලා වගේ,” යැයි ඔහු සිය ෆේස්බුක් පණිවිඩයේ සඳහන් කර තිබේ.
රටවල් 7කින් ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් තහනම් කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තීරණය කර තිබුණි.
මෙම නියෝගය මගින් සෝමාලියානු ජාතිකයන්ට ද බලපාන අතර, මේ හේතුවෙන් ඇමෙරිකාවේ වෙසෙන සිය දරුපවුල බැලීමට යාමේදී බාධා ඇති වේ යැයි උපතින් සෝමාලියානු ජාතිකයෙකු වන මෝ ෆාරා සිය කනස්සල්ල පළ කර තිබුණි.
කෙසේවෙතත්, බ්‍රිතාන්‍යයේ විදේශ කටුයුතු කාර්යාලය විසින් පසුව ප්‍රකාශ කර තිබුණේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් හට බලපෑම් එල්ල වනු ඇත්තේ තහනම් කර ඇති රටේ සිට ඇමෙරිකාවට ගමන් කිරීමේදී පමණක් බවයි. මේ හේතුවෙන් මෝ ෆාරා ට බලපෑමක් ඇති නොවන බව එහි වැඩිදුරටත් සඳහන් වී ඇත.