2019 ලෝක රග්බි සම්මාන උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්විණ.
නවසීලන්තයේ ආර්ඩි සැවීයා, එංගලන්තයේ ටොම් කරි, අමෙරිකාවේ ජෝ ටවුෆේටේ වැනි ප්රබල ක්රීඩකයින් අභිබවා දකුණු අප්රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් මෙවර වසරේ රග්බි ක්රීඩකයාට හිමි සම්මාන දිනා ගත්තේ ය.
මෙවර සම්මාන උළේලේදී වසරේ රග්බි ක්රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ එංගලන්තයේ එමිලි ස්කාරට්ටයි.
එමිලි ස්කාරට් 2019 වසරේ දී එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වූ අතර 2016 වසරේ දී වසරේ ක්රීඩිකාව වූ එංගලන්තය නායිකා සාරා හන්ටර්ගෙන් පසුව එංගලන්ත ක්රීඩිකාවක මෙම සම්මානය දිනා ගත් ප්රථම අවස්ථාව මෙය වේ.