ජයන්ති සෝමසේකරන් හා සංජීවනී වනසිංහ මහත්මිය ප්‍රධානත්වය උසුලන වෙළෙඳ සේවා සංගමය විසින් මෙම නඩුව ගොනු කර ඇත.
පසුගියදා නිමාවට පත්වූ නෙට්බෝල් නිලවරණයට අදාළ ඡන්ද හිමි නාම ලේඛණය අසාධාරණ බවට ඉදිරිපත්වූ විරෝධතාව විභාග කළ අභියාචනා මණ්ඩලය නිලවරණය කල්දමන ලෙස වාර්තාවක් ලබාදී තිබියදී, නිලවරණය පැවැත්වීමට ගත් තීරණය වැරදි සහගත බව මේ නඩුවෙන් කරුණු ඉදිරිපත්කොට ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල, ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය ලෙස පත්වූ සභාපති ලක්ෂ්මී වික්ටෝරියා, ලේකම් චම්පා ගුණවර්ධන, භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ, උප සභාපති ටී.එම්.පී.කුමාරිහාමි, සහකාර ලේකම් සුමිත්‍රා කුමාරි වනසිංහ හා සහකාර භාණ්ඩාගාරික හිරන්ති සේනානායක යන අන මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම්කොට ඇත.