හතුරුසිංහ මහතාගේ සේවය අත්හිටුවීම සම්බන්ධව පරීක්ෂණයක් ඊයේ (07) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම පරීක්ෂණයට සහභාගි නොවන බව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වේ.
"හතුරුසිංහ නොපැමිණිය ද පරීක්ෂණ ක්‍රියාත්මක වූවා ලෙස සලකනවා"
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ හතුරුසිංහ මහතා නොපැමිණිය ද පරීක්ෂණය ක්‍රියාත්මක වූවා ලෙස සළකා අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන යන බවයි.
“හතුරුසිංහ පරීක්ෂණයට ආවේ නෑ. ඒත් අපි පරීක්ෂණය නැවැත්තුවේ නෑ. අපේ කටයුතු අපි කරගෙන යනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.