ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරෙන්නේ වසර 2ක කොන්ත්‍රාත් කාලයක් සඳහාය.
පළමු පෙළ තරග 110 කට සහභාගි වී ඇති 51 හැවිරිදි ඒ මහතා පාකිස්තානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේය.
පන්දු රැකීමේ පුහුණුකරු ඕස්ට්‍රේලියාවේ ෂේන්
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ෂේන් මැක්ඩොමට් මහතා පත්කර තිබේ. පාකිස්තානයේදී ලබන දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ සිට මිකී ආතර් සහ ෂේන් මැක්ඩොමට් යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි චන්දික හතුරුසිංහ මහතාගේ සේවය පසුගිය අගෝස්තු මස අත්හිටුවීමෙන් පසුව ස්ථිර ප්‍රධාන පුහුණුකරුවකු නොමැතිව ශ්‍රී ලංකා පිල සංචාර කීපයකට සහභාගි විය.
එංගලන්තයේදී පසුගිය ජූලි මස අවසන් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයේ ගිවිසුම් කාලය අවසන් වූ අතර සියලුම පුහුණුකරුවන් ඉවත්කිරීමට ක්‍රිකට් බලධාරිහූ පියවර ගත්හ.