Nov 19, 2019

පාකිස්තාන සංචාරයට ජ්‍යෙෂ්ඨයින් කැමැත්ත පළ කරයි Featured

එළඹෙන දෙසැම්බරයේදී පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පැවති විස්සයි 20 තරඟාවලිය සඳහා මින් පෙර අවස්ථාවේ සහභාගි නොවීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තීරණය කර ඇත.

එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් කණ්ඩායමක් සහභාගි වූ අතර එහිදී ඔවුන්ට ජනාධිපතිවරයෙකුට ලබාදෙන තරමේ දැඩි ආරක්ෂාවක් ලබාදීමට පාකිස්තාන රජය පියවර ගත්තේය.

2009 වසරේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසිදු විදෙස් කණ්ඩායමක් පාකිස්තානයේ ටෙස්ට් තරඟාවලියක් සඳහා එක්වී නොමැති අතර දශකයකට පසු පාකිස්තානයට මෙම සංචාරයේදී ටෙස්ට් තරඟාවලියක සත්කාරකත්වය දැරීමේ අවස්ථාව හිමිව තිබේ.

නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම තරඟාවලියට එක්වෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top