කෙසේ වෙතත් මීට පෙර ප්‍රකාශ වී තිබුණේ 36 හැවිරිදි මාලිංග ලෝක කුසලානයෙන් පසු විස්සයි 20 පිටියෙන් ද සමුගන්නා බවයි.
තවත් වසර දෙකක පමණ කාලයක් තමන්ට පන්දුවාර විස්සයි 20 කි‍්‍රකට් තරග සඳහා සහභාගී විය හැකි බව ලසිත් මාලිංග ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමින් සදහන් කර ඇත.
තමාගේ හැකියාව පන්දු යවන්නෙකු ලෙස මෙන්ම නායකයෙකු ලෙස ද කළමනාකරණය කරගත හැකි බවද ලොව පුරා පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වී තමන් ලද අත්දැකීම් ඊට ඉවහල්වී ඇති බවද හෙතෙම සදහන්කර තිබේ.
ලසිත් මාලිංග පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් පිටියේ කඩුළු 100 ක් බිඳ හෙලූ ලොව පළමු සහ එකම පන්දු යවන්නා ද වේ.