පිතිකරු පුහුණුකරු ලෙස පැමිණෙන ග්‍රාන්ට් ෆ්ලවර් මහතා ටෙස්ට් තරග 67කදී හා එක්දින තරග 221කදී සිම්බාබ්වේ පිලට ක්‍රීඩා කළ දක්ෂ පිතිකරුවකු වේ.
ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් සාර්කර් මහතා පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික පිලට සේවය කළ අයෙකි.
තස්මේනියා ක්‍රීඩා ඇකඩමියේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ෂේන් මැක්ඩර්මෝට් මහතා ද ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් පිලේ අතරු පුහුණුකරුවෙක් ලෙස කෙටි කලක් එක්ව සිටියේය.
වසර 2ක කොන්ත්‍රාත් කාලයක්
ප්‍රධාන පුහුණුකරු හා සහාය පුහුණුකරුවන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග වසර 2ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ගිවිසුම් අස්සන් කර ඇති අතර මාසික වේතනයට අමතරව සියලු පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබාදී ඇති බවද වාර්තා වේ.