Nov 25, 2019

T10 ලීගයේ කිරුළ මාලිංගගේ පිලට

අබුඩාබිහි පැවැති පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මරතා ඇරබියන්ස් කණ්ඩායමට හිමිවිය.

අබුඩාබි හි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුලු 8ට ලකුණු 87ක් රැස්කිරීමට සමත්වූ අතර එම ඉලක්කය පන්දුවාර 7.2කදී කඩුලු දෙකක් පමණක් දැවී පසුකර යෑමට මරතා ඇරබියන්ස් කණ්ඩායම සමත්විය.

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ පන්දු 12කදී හයේ පහර දෙකක් හා හතරේ  පහරක් සමගින් ලකුණු 23ක් රැස්කිරීමට සමත්විය.

මරාටා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග 18/1ක්, කසුන් රාජිත 15/1ක් ලෙස කඩලු දවා ගත්හ. දසුන් ශානක එක් පන්දුවාරයක් යොමුකළද ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි විය.

අවසන් තරගයේ වීරයා සම්මානය චැඩ්වික් වෝලටන් හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය ක්‍රිස් ලීන් හිමිකර ගත්තේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top