වසර 2015 දී දොළොස් මසක කාලයක් තුළදී තමා සිටි ස්ථාන පිළිබඳව වාර්තා කිරීමට තෙවරකදී අපොහොසත් වීම හේතුවෙන් රසල් හට මෙම තහනම පැනවීමට කිංස්ටන් හි ස්වාධීන මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවක් විසින් තීරණය කර තිබේ.
ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ නීති අනුව, මෙලෙස තමා සිටි ස්ථාන පිළිබඳව වාර්තා කිරීමට ක්‍රීඩකයෙකු අපොහොසත් වීම, මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් අසමත්වීම හා සමාන ලෙස සැලකේ.
ඔහුගේ තරග තහනම ඊයේ (31) සිට 2018 ජනවාරි 30දා දක්වා ක්‍රියාත්මකයි.