අන්තර් ජාතික ටෙස්ට් ක්රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග රාවල්පින්ඩි සහ කරච්චි හීදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගය දෙසැම්බර් 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය දෙසැම්බර් 19 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.
ඒ, සඳහා නම් කළ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතයට ක්රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ය.
ඔෂධ ප්රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්