Dec 02, 2019

කත්මණ්ඩු ගිය ක්‍රීඩකයෝ අතරමං !

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.

එහි ගිය මලල ක්‍රීඩා කණ්ඩායමට නවාතැන් පහසුකම් පවා නිසි පරිදි සකස් කර නොතිබීම හේතුවෙන් පැය ගණන් රස්තියාදු වී හෝටල සොයමින් කත්මණ්ඩු නුවර පාරවල් පුරා බඩු මුට්ටු ද රැගෙන ඇවිදීමට ඔවුන්ට සිදුව ඇත.

ඒ නිසි ලෙස හෝටල් කාමර වෙන් කර නොතිබීම නිසාය.

තවත් පිරිසක් නේපාලය බලා ගිය ගුවන් යානය අතර මඟදී නවදිල්ලි ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට නොහැකිවීම හේතුවෙන් වෙනත් ගුවන්යානාවල වෙන්කරගත නොහැකිව රස්තියාදු වී ඇත.

හැට දෙනෙකුට අධික ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් හා නිල හා නොනිල ලෙස එහි ගොස් සිටින ඔලිම්පික් කමිටු නිලධාරීන්ගෙන් අතරමංව සිටින ක්‍රීඩකයන්ට කිසිදු සහයෝගයක් නොලැබෙන බව කත්මණ්ඩු නුවරින් වාර්තා වේ.

මේ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (30) මාධ්‍ය අමතමින් තමන්ට ආරම්භක උත්සවයක් පැවැත්වෙන වේලාවක් හෝ සංවිධායකයන් දන්නා නොමැති බව පැවසුවත්, ක්‍රීඩකයන් පවසන්නේ ලංකාවේ ජාතික ක්‍රීඩා උළෙලක් හෝ පැවැත්වීමට අසමත් මේ නිලධාරීන් කල්තබා කත්මණ්ඩු නුවරට පැමිණ තිබියදීත් මෙම අඩු පාඩු සොයාබලන්නේ කෙසේද කියා.

සාර්ක් රටවල් අතරින් කත්මණ්ඩු වෙත පැමිණ සිටින වැඩිම ක්‍රීඩක හා නිලධාරීන් සංඛ්‍යාව අයත් වන්නේ ශ්‍රී ලංකාවෙන් බව පැවසේ.

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top