Dec 03, 2019

දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මෙසීට

බැලොන් ඩිඕර් හෙවත් වසරේ දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය 2019 බැලොන් ඩිඕර් සම්මානය 6වැනි වරටත් හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.

මෙසී මීට පෙර 2009, 2010, 2011, 2012 සහ 2015 යන වසර වලදී මෙම සම්මානය හිමිකර ගෙන තිබේ.

මෙවර සම්මානය සඳහා පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද නිර්දේශ වී සිටියේය.

මේ අතර වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ අමෙරිකාවේ මේගන් රැපීනෝටය.

මෙවර කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ඇ‌ෙමරිකා කණ්ඩායම මෙහෙයවමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් මේගන්ට මෙම සම්මානය පිරිනැමීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top