Dec 04, 2019

සාග් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණ අරන්, ඩෙංගු දැයි සැකයක් ? Featured

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අසනීප වී ඇතැයි වාර්තා වේ.
මේ සියලු දෙනා උණ රෝගයෙන් පෙළෙන අතර කිහිප දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බව සැක පහලවී ඇතැයි පැවසේ.
 
අනිවාර්යයෙන් පදක්කම් දිනතැයි අපේක්ෂිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මේ අතර සිටියි.
 
කත්මණ්ඩු නුවර පවතින අධික සීතල හා දුහුවිලි ස්වභාවය බොහෝ ක්‍රීඩකයන්ට ඔරොත්තු නොදෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top