Dec 09, 2019

රුසියාවට සිවු වසරක ක්‍රීඩා තහනමක්

අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය (WADA) විසින් අද (09) දිනයේදී රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ.

අද ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමකදී WADA ආයතනයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබුණි.

ඒ අනුව ඔලිම්පික් අතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇත.

තහනම් උත්තේජක වංචාවන් හඳුනාගැනීම වැලැක්වීම සඳහා තහවුරු වූ උතේජක පරීක්ෂණවලට අදාළ ප්‍රතිඵල මකා දැමීමත්, රසායනාගාර දත්ත වෙනස් කිරීම සඳහා ව්‍යජ සාක්ෂි ඇතුළත් කිරීමත් වැනි කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව 2020 ටොකියෝ ඔලිම්පික් සහ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රුසියානු ජාතික ධජය එසවීම සහ ජාතික ගීය වාදනයට අවසර නොලැබේ.

කෙසේ වෙතත් තහනම් උත්තේජක අර්බුදයට සම්බන්ධ නොමැති බවට තහවුරු කිරීමට හැකි මළල ක්‍රීඩකයිනට ස්වාධීන ධජයක් යටතේ තරග කිරීම සඳහා හැකියාව ලැබෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top