MCC ලෝක ක්‍රිකට් කමිටුවේ 'ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දැක්වීම' දිගුකාලීන ප්‍රකාශිත අරමුණක කොටසක් ලෙස මෙම සංචාරය පැවැත්වෙනු ඇත.
වසර 10 කට වඩා වැඩි කාලයකින් පසුව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් මේ දිනවල පකිස්තානයේදී පැවැත්වෙන අතර, MCC සංචාරයද එරට ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට රුකුලක් වනු ඇති බව අපේක්ෂා කෙරේ.
MCC හි ප්‍රධාන විධායක නිලධාරී හා ලේකම් - ගයි ලැවැන්ඩර් මෙම සංචාරක කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනු ඇති අතර, MCC හි ප්‍රධාන පුහුණුකරු වන අජ්මාල් ශහ්සාඩ් මෙම සංචාරයේ පුහුණකරු ලෙස කටයුතු කරනු ඇත.
මෙම සංචාරයේ තරග ලාහෝර් හි ඒචිසන් කොලෙජ් (Aitcheson College) හි පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් සංගක්කාර මහතා පවසා ඇත්තේ පකිස්තානය වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දැක්වීම අතිශයින්ම වැදගත් වන බවත්, වසර 2009 ඛේදජනක සිදුවීම්වලින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් භූ දර්ශනය නැවත ගොඩනැංවීම සඳහා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විශාල කර්තව්‍යයක් ඉටුකර ඇති බවත්ය.
"පාකිස්තාන සංචාරයේදී MCC නායකත්වය දැරීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා... දශකයකට පසුව මුල්වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යළිත් එරට ඇරඹීමත් සමග පකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කරන්න කිරීමට MCC සමාජය අපූරුවට සිය කාර්යභාරය ඉටු කර තිබෙන අතර, ඉදිරියේදී සංචාරයේ කොටසක් වීමට බලාපොරොත්තු වෙනවා...," යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර, මේ පිළිබඳව පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති - වසීම් ඛාන් ද සිය ඉමහත් සතුට ප්‍රකාශ කර තිබේ.
මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ (MCC) සභාපති - කුමාර සංගක්කාර ගේ නායකත්වය යටතේ කණ්ඩායමක් ලබන පෙබරවාරි මාසයේදී පකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතය.
Last modified on Friday, 20 December 2019 13:18
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362