Dec 24, 2019

දිමුත් ජ්‍යෙෂ්ඨයන්ට දෙහි කපයි Featured

කණ්ඩායමට සැලැස්මක් තිබුණ බවත් එය හරි ආකාරව කි‍්‍රයාත්මක කිරීමට ජ්‍යෙෂ්ඨයන්ගෙන් අවශ්‍ය දේ නොලැබුණ බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (23) ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

"පරාජයට අපි හැමෝම වග කියන්න ඕනේ. පිතිකරුවන්වන්ට සමාවක් නෑ. සීනියර්ස්ලා හැමෝම වග කියන්න ඕනේ. ගත්ත ආරම්භයත් හොඳ නෑ. දික්වැල්ල හොඳින් ක්‍රීඩා කළා. නමුත් ඔහුගෙන් මෙයට වඩා යමක් බලාපොරොත්තු වුණා. ඔහු ටෙස්ට් මැච් 30කට වඩා ක්‍රීඩා කර තියෙනවා. කුසල් හොඳ ක්‍රීඩකයෙක්. නමුත් එක පාරටම වැටෙනවා. පිතිකරුවන්ගේ පුහුණු අංශය ඒ ගැන බලන්න ඕනේ. එකම තැනින් ඔහු අවුට් වෙන්නේ. මැතිව්ස්, චන්දිමාල් දෙවැනි ඉනිමේ ලකුණු අතර නෑ. දිල්රුවන්ගෙන් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය යුතුයි. අපි හොඳ තැනක හිටියේ නමුත් සියල්ල අවසානයේ වෙනස් වුණා. තරුණ ක්‍රීඩකයන් හොඳට කළා. ඊළඟ තරගාවලියේ අඩු පාඩු වෙන්න බෑ

සැලසුමක් නැතිව අප ක්‍රීඩා කරන්නේ නෑ. ලකුණු 476ක ටාගට් එකක් තියෙද්දී ලෙහෙසි නෑ. අපට ඕනෑ වුණා තරගය දවස් එකහමාරක් ක්‍රීඩා කරන්න. වසර 27කට පසුව ටෙස්ට් තරගාවලියක් පාකිස්තානයේදී පරාජය වීම සහ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් දිමුත් පවසන්නේ මෙවැනි අදහසක්. ‘‘අපිට වැරදුන තැන් කිහිපයක් තියෙනවා. අපි හොඳ තැන්වල ඉඳලා කඩුලූ එක ල`ග තියෙනවා. ලොකු සම්බන්ධතා අපිට තිබුණෙ නැහැ. පන්දු යවන්නන් පළමු ඉනිමේ ඇරෙන්න අපි හොඳට පන්දු යැව්වෙ නැහැ. ගොඩක් හතරේ පහරවල් අපි ලබා දුන්නා. හොඳ ලයින්වල පන්දු යැව්වෙ නැති නිසා නිලකුණු පන්දුවාර යැව්වෙත් නැහැ. කුසල් ගැන කතා කළොත් ඔහු හොඳ පරිණත සහ තාක්ෂණයක් තියෙන ක‍්‍රීඩකයෙක්. ඔහු හිටපු ගමන් හොඳට කරනවා. ආයෙත් පසුබසිනවා. අපි දැක්කා මේ තරගාවලියේදී එකම විදිහට තමයි ඔහු දැවී ගියේ. පුහුණුකරුවන් සහ පිතිකරණ විශ්ලේෂකලා එකතුවෙලා මෙන්ඩිස් ඉක්මනට ඒක හදා ගන්න ඕන. ඔහු තමයි දන්නෙ ඔහුගේ මානසිකත්වය. ඒ නිසා ඔහුටත් වගකීමක් තියෙනවා ඉක්මනට ඒක හදා ගන්න. පිතිකරුවන් හය දෙනෙක් ක‍්‍රීඩා කරනකොට එක්කෙනෙක් දෙන්නෙක් ෆේල් වුණාම කණ්ඩායමට ලොකු පාඩුවක්. කුසල් මෙන්ඩිස් ඒවා ඉක්මනට හදා ගන්න ඕන."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top