Dec 30, 2019

තිසරත් යුධ හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ගජබා පාබල රෙජිමේන්තුවේ මේජර්වරයෙකු ලෙස එක්ව තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් ස්වේච්ජා බලසේනාවට එක්වූ ඔහු යුධ හමුදා මේජර්වරයෙක් වශයෙන් කටයුතු කරනු ඇති අතර ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි.

එක්දින තරඟ 161 කට ක්‍රීඩා කර ඇති ඔහු විස්සයි විස්ස තරඟ 79 ක් සහ ටෙස්ට් තරඟ 6 කට ක්‍රීඩා කර ඇත.

මීට පෙර දිනේෂ් චන්දිමාල් ද ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමට ක්‍රීඩා කිරිම සඳහා ස්වේච්ජා බලසේනාවේ කමිෂන් නිලධාරියෙකු ලෙසට එක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top