Jan 01, 2020

එංගලන්තය මාලිව වේග පන්දු රජු කරයි Featured

ශතවර්ශයකට අධික කාලයක් තිස්සේ ලෝ ප්‍රකට ක්‍රිකට් ප්‍රකාශනයක් වන ‘විස්ඩන්’ ක්‍රිකට් සඟරාව විසින් දශකයේ විස්සයි 20 කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇති අතර එම කණ්ඩායමට ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග ඇතුළත්වී තිබේ.

මෙම කණ්ඩායම තෝරාගනු ලැබ ඇත්තේ 2010 ජනවාරි මාසයේ සිට 2019 දෙසැම්බර් මාසය දක්වා සිටි ක්‍රීඩකයන් සැලකිල්ලට ගැනීමෙනි.

මෙම සඟරාව විසින් මාලිංග, පන්දුවාර විස්සයි-20 වේග පන්දු යවන්නන් ගේ රජු ලෙස ද නම් කර ඇතැයි වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ මෙන්ම විස්සයි-20 කණ්ඩායමේත් නායකයා වන ආරෝන් ෆින්ච් දශකයේ කණ්ඩායමේ නායකයා ලෙසද නම් කර තිබේ. ඔහුගේ සහාය ආරම්භක පිතිකරුවා වනුයේ නවසීලන්තයේ කොලින් මන්රෝය.

ඕස්ට්‍රේලියානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් එම ස්ථානය හිමිකර ගනු ලබයි. කෝලිට අංක 4 හිමිවී තිබේ. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ග්ලෙන් මැක්ස්වෙල් මෙම කණ්ඩායමේ අංක 5 ස්ථානය හිමිකර ගෙන ඇත.

එංගලන්ත පිලේ කඩුලු රකින්නා වන ජොස් බට්ලර් සීමිත ඕවර ක්‍රීඩාව සඳහා එංගලන්තයෙන් බිහිවූ හොඳම කඩුලු රකින්නා බැවින් ඔහුට කඩුලු රැකිමේ අත්වැසුම් හිමිවී තිබේ.

මෙහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ ඉන්දීය පිලේ හිටපු නායකයා වන එම්.එස්. දෝනි හට හෝ වත්මන් ඉන්දීය උපනායක - රෝහිත් ශර්මා හට මෙම කණ්ඩායමේ ස්ථාන හිමි නොවීමයි.

දශකයේ විස්සයි20 කණ්ඩායම

ඒරන් ෆින්ච් (නායක), කොලින් මන්රෝ, විරාට් කෝලී, ෂේන් වොට්සන්, ග්ලෙන් මැක්සවෙල්, ජොස් බට්ලර්, මොහොමඞ් නබී, ඬේවිඞ් විලී, රෂීඞ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා, ලසිත් මාලිංග

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top