ඉකුත් වසරේදී ආරම්භ වූ මෙම තරඟය වෙනුවෙන් මහේල සහ මුරලිදරන් තෝරාගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.
ලබන ජනවාරි 17 වැනිදා නේපියර් හිදී තරගය පැවැත්වීමට නියමිත අතර ඩැනියෙල් විටෝරි, ග්රාන්ට් එලියට්, නේතන් මැකලම් වැනි ක්රීඩකයන් බ්ලැක් කැප්ස් කණ්ඩායම නියෝජන කරනු ලබයි.
බ්ලැක්ස් කැප්ස් යනුවෙන් හඳුන්වනු ලබන්නේ නවසීලන්ත ක්රිකට් කණ්ඩායම වන අතර ඕල් බ්ලැක්ස් යනුවෙන් හඳුන්වනු ලබන්නේ නවසීලන්ත රග්බි කණ්ඩායමයි.