කෙසේ වෙතත් ලොව විස්සයි - 20 කඩුලු 100කට හිමිකම් කියන එකම පන්දු යවන්නා වන ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මින් පෙර පසුගිය මාර්තු මාසයේදී පවසා තිබුණේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව විස්සයි-20 පිටියට සමුදීමට තමන් සූදානම් වුවද තවත් වසර දෙකක් මව්බිම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමන්ට හැකියාවක් පවතින බවයි.
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිලිමළුන් පිටුදැකීමේ වටය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යා හැකි වුවහොත් මෙම වසර අගදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට වුවද සූදානම් බව ශ්‍රී ලංකා විස්සයි - 20 නායක ලසිත් මාලිංග පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වා ඇති මාලිංග මෙසේද පවසා ඇත.
“මම මේ වන විටත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහ ටෙස්ට් තරග සඳහා සමුදී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කරන ඕනෑම දෙයකට මම මේ අවස්ථාවේදී එකඟත්වය පළ කරනවා. ඒ අනුව ඔවුන් විස්සයි-20 තරගවලින් සමුගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියහොත් ඉතා කැමැත්තෙන් මම එම ඉල්ලීම ඉෂ්ට කරනවා. මේ අවස්ථාවේදී මගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීම් වටය ජයගනිමින් එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමයි. ශ්‍රී ලංකාවට එම වටය ජයගෙන පිළිමළුන් පිටු දැකීමේ වටය සඳහා සුදුසුකම් ලබා ගත හැකි වුවහොත් ඉන් පසු ඕනෑම අවස්ථාවක විස්සයි-20 පිටියට සමුදීමට මම සූදානම්.”
“ඇන්ජලෝගේ අත්දැකීම් ලෝක කුසලානයට යන ගමනේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙත විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරනු ඇති බව මට විශ්වාසයි. ඒ වගේම දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලානයට යන ගමනේදීත් ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන තුරුම්පුවක් වන බව මා සිතනවා. අකිල ධනංජය නොමැති වීම යම් පාඩුවක් වුවත් අපට එක් ක්‍රීඩකයකු මත යැපිය නොහැකියි. ඒ සඳහා විකල්ප සොයා ගනිමින් තරග ජයග්‍රහණය කරන ආකාරය අප සැලසුම් කළ යුතු බව මගේ මතයයි.”
Last modified on Thursday, 09 January 2020 10:42
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362