පසුගියදා පැවති තරගය අතර වාරයේ දී ඔහු ආබාධයකට ලක්වීම ඊට හේතුවයි.
තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස මේ වනවිට ඉන්දියාව මේ පෙරමුණ ගෙන සිටින අතර ගුවහාටි හි පැවති පළමු විස්සයි 20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
උදානගේ පිටුපස ප්‍රදේශය තුවාල වී ඇති බවත්, ඔහු “දැඩි වේදනාවෙන්” සිටින බවත් ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පැවසුවේය. උදානට තෙවැනි තරගය අහිමිව ගියද සංචිතය සමගින් ඔහු පූනේහී රැඳී සිටිනු ඇති බව පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.
හෙට (10) ඉන්දියාව සමඟ පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි - 20 තරගය සඳහා ඉසුරු උදාන සහභාගී නොවන බව වාර්තා වේ.
Last modified on Friday, 10 January 2020 16:19
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362