එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන මීළඟ අයි.සී.සී. ක්‍රිකට් කමිටු රැස්වීමේදී ටෙස්ට් ක්‍රිකට් තරග දින 4කට සීමා කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන්නට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කරයි.
කෙසේ වෙතත් ටෙස්ට් තරග දින 5 තරග ලෙස පමණක් ක්‍රියාත්මක විය යුතු බව මගේ පෞද්ගලික මතට වන බවත් එහි කිසිදු වෙනසක් සිදු කිරීමට මට අවශ්‍ය නොවන බවත් හිටපු නායකයා අවධාරණය කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
“මගේ මතය ම් කිසිසේත්ම ටෙස්ට් තරග ආකෘතිය වෙනස් නොකළ යුතු බවයි. මෑත කාලයේදී ටෙස්ට් තරග වාණිජ්‍ය ආකෘතියට නතු කිරීමේ පළමු පියවර ලෙස දිවා - රාත්‍රි තරග පැවැත්වීමට කටයුතු යෙදුවා. ටෙස්ට් තරග සඳහා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමු කිරීමටත් එය වඩා සිත් ගන්නාසුලු තත්ත්වයට පත් කිරීමට එම තීරණය යොදා ගත්තත් ටෙස්ට් තරග තවදුරටත් විවිධ අංග එක් කිරීමෙන් නවීකරණයන්ට බඳුන් කිරීම නොකළ යුතු බවයි මගේ මතය වී ඇත්තේ.
එවිට සිදු වන්නේ ටෙස්ට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම පසෙකලා හුදෙක්ම විනෝදාස්වාදය වෙනුවෙන් පමණක් ටෙස්ට් ක්‍රිකට් යොදා ගැනීමයි. දින 4ක ටෙස්ට් තරග සඳහා වන යෝජනාව ක්‍රියාත්මක වුවහොත් නුදුරු අනාගතයේදීම දින තුනේ ටෙස්ට් තරගත් ඉන් අනතුරුව දින දෙකේ ටෙස්ට් තරගත් පැවැත්වීමට යෝජනා ඉදිරිපත් වේවි. එවිට ටෙස්ට් ක්‍රීඩාවට අත්වන ඉරණම කුමක්ද යන්න විශාල ගැටලුවක්. එම සෑම යෝජනාවකින්ම සිදු වන්නේ ටෙස්ට් ක්‍රීඩාව විනාශය කරා රැගෙන යෑමක් පමණක් බවයි මගේ හැඟීම.”