ඒ අනුව එළැඹෙන තරගාවලියේ සිට අදාළ වෙනස්කම සිදුවනු ඇතැයි පැවසේ.
මාලිංග විසින් අවසන් වරට මෙහෙයවා ඇති විස්සයි විස්ස තරග 13 කින් ශ්රී ලංකාව ජය ගෙන ඇත්තේ අගෝස්තු මාසයේදී නවසීලන්තය සමග පැවැති තරගය පමණි. අනෙකුත් තරග 11 ම පරාජයට පත්ව ඇති අතර ශ්රී ලංකාව ඉකුත් වසරේ ජය ගනු ලැබුවේ පාකිස්තානය සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය පමණි.
මාලිංග එක්ක කතා කරලා තීරණයක් ගන්නවා
වත්මන් විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සමග සාකච්ඡා කරමින් නව නායකයකුට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බවද මාලිංග දක්ෂ ක්රීඩකයකු වුවත් ඔහුගේ නායකත්වය යටතේ ශ්රී ලංකා පිල දිගින් දිගටම පසුබෑමකට ලක්ව තිබීම හේතුවෙන් වෙනත් නායකයකු කඩිනමින් පත්කිරීමට සිදුව ඇති බවද ශ්රී ලංකාක්රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිළධාරියෙකු අප සමඟ පැවසීය.
දසුන් ශානක නායකත්වයට?
ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ලෝක කුසලානට පෙර සකසා ගැනීම සම්බන්ධයෙන් ක්රිකට් තේරීම් කමිටු පුහුණුකරු මිකී ආතර් සමග සාකච්ඡාකර තිබේ.
කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායමේ නව විස්සයි - 20 නායකයා වශයෙන් දසුන් ශානක පත්වනු ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගන්නට තිබේ.
දසුන් ශානක පාකිස්තානයට එරෙහිව ශ්රී ලංකා විස්සයි විස්ස පිල මෙහෙයවමින් එම තරගාවලිය 3-0 ක් වශයෙන් ජය ගැනීමට සමත් විය. ඔහු පසුගිය මාසයේදී බංග්ලාදේශ ප්රිමියර් ලීග් තරගාවලියේදීද එක් කණ්ඩායමක නායකයකු වශයෙන් කටයුතු කර තිබීම හේතුවෙන් දසුන් ශානක අදාළ තනතුර පිරිනැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.