එළඹෙන පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩයාමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග දෙකේදී ලසිත් මාලිංගයට කණ්ඩයාමේ ස්ථානයක් හිමි නොවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඔහුට නායකත්වය අහිමි වුවහොත් කණ්ඩයාමේ ස්ථානයක් ලබාදීම ද ප්‍රශ්නයක් බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මීට පෙර පවසා තිබිණී.
ඒ අනුව බොහෝ දුරට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට විස්සයි - 20 නායකත්වය ලබාදීමේ සූදානමක් පවතින බවද පැවසේ.
කෙසේ නමුත් මෙම වසරේ පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ අරමුණෙන් දසුන් ශානක වෙත විස්සයි - 20 නායකත්වය ලබාදිය යුතු බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඇතැමුන්ගේ මතය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා වේ.