Feb 04, 2020

ලංකාවේ පුහුණුකරුවන්ටත් පුහුණුව දෙන්න මූඩි එයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පුහුණු වන පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා හිටපු ශ්‍රී  ලංකා ජාතික පුහුණුකරුවකු වන ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි සමඟ ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පුහුණු වන පුහුණුකරුවන් හට නවතම පුහුණු තාක්ෂණික උපක්‍රම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන නවීන වෙනස්කම් සම්බන්ධයෙන් දැනුම ලබාදීම ටොම් මූඩිගේ නව වගකීම බවට පත්ව ඇ.තැයි පවැසේ.

තවද අදාළ ගිවිසුමට අනුව ටොම් මූඩි වසරකට සිවු වරක් හෝ පස් වරක් මෙරටට පැමිණ ක්‍රිකට් ආයතනය යටතේ පුහුණු වන පුහුණුකරුවන් සමඟින් සති 2ක හෝ 3ක කාලයක් පුහුණු සැසි පැවැත්වීමට ද නියමිතව ඇත.

මේ වන විට 51 වැනි වියේ පසුවන හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ටොම් මූඩි 2005 වර්ෂයේ මැයි මාසයේ සිට 2007 වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු වශයෙන්ද කටයුතු කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top