Feb 06, 2020

ක්‍රීඩා වැරදි වැළැක්වීමට විශේෂ ඒකකයක්

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පණත යටතේ විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීමට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ලබන 15 වැනිදා සිට වසර 3 ක කාලයකට මෙම විශේෂ විමර්ශන ඒකකය බලාත්මක වනු ඇති බවද වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. එච්. ෆොන්සේකා සහ පොලිස් අධිකාරී එස්. එම්. සමරනායක යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ විමර්ශන ඒකකය සමන්විතය.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පණතේ නෛතික ප්‍රතිපාදන ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම මෙම විශේෂ ඒකකයට පැවරී ඇති ප්‍රධාන කාර්ය භාරය වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top