පසුගිය කාලය පුරාවට සිදුකළ මෑතදී සිදු වූ “සාර්ථක” අත්හදාබැලීම් වලින් සෑහීමකට පත්වීමත් සමග අයිසීසී ය මෙම තීරණය ගෙන ඇත.
පිටියේ සිටින විනිසුරුවන් විසින් පෙර පාදයේ නිපන්දු නිරීක්ෂණය නොකරන පළමු ගෝලීය තරඟාවලිය මෙය වනු ඇත.
පෙරේදා දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අයිසීසී ය පවසා තිබුණේ තරග 12 ක් අතරතුරදී ඉහත අත්හදාබැලීම සිදුකළ බවත්, එම තරග වල යොමු කළ පන්දු 4717න් තෙවැනි විනිසුරුවරයා විසින් පන්දු 13 ක් (සමස්ථ පන්දු වලින් 0.28%ක්) නිපන්දු ලෙස නම් කර ඇති බවත්ය.
අයිසීසී හි ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලාර්ඩිස්ට පවසන්නේ නිපන්දු නිවැරදිම ලෙස විනිශ්චය කිරීමට පිටියේ සිටින විනිසුරුවන්ට දුෂ්කර බවයි.
තරග තීරකයන්ගේ තීරණ වලට සාර්ථකව තාක්ෂණික සහය ලබාගැනීම ක්‍රිකට් ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙන බවත්, මෙම අවස්ථාවේදී යොදාගන්නා තාක්ෂණය විසින් පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලානයේදී පෙර පාදයේ නිපන්දු සම්බන්ධයෙන් ගැණෙන වැරදි තීරණ අඩු වනු ඇති බවට තමාට පූර්ණ විශ්වාසයක් ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
තෙවැනි විනිසුරුවරුන් විසින් මේ ආකාරයෙන් පෙර පාදයේ නිපන්දු නිර්ණය කරන ආකරය පිළිබඳව ඇලාර්ඩිස් විසින් පසුගිය අගෝස්තු මාසයේදී පැහැදිලි කර තිබුණි.
"තෙවැනි විනිසුරුවරයා හට තත්පර කිහිපයක් ඇතුළත ඉදිරිපස පාදය බිම පතිත වන ආකාරයේ ඡායාරූපයක් ලැබෙන අතර, නිපන්දුවක් දුටු අවස්ථාවකදී ඒ අනුව ඔහු පිටියේ සිටින විනිසුරුවරයන් හා සම්බන්ධ වනු ඇති බව ඇලාර්ඩිස් පැහැදිලි කර තිබුණි.