Feb 13, 2020

මාලි කොදෙව් තරඟාවලියෙන් ඉවතට - ඔටුන්න ඇන්ජිට හෝ දසුන්ට

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්‍රී ලංකා විස්සයි - 20 නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

මේ වන විටත් සංචිතය නම් කර නොමැති අතර අදාළ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් තවමත් නිකුත් කර නොමැත.

කොදෙව් තරඟාවලියේ විස්සයි - 20 තරඟ 03දී ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක නායකත්වය හිමිකරගනු ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top