Feb 17, 2020

මාලිංගට ලැජ්ජ නෑ, තේරීම් කමිටුවටත් දැඩි විවේචන Featured

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන විස්සයි -20 ක‍්‍රිකට් තරගාවලියේදීද ක‍්‍රීඩකයන් ඇතුළු බහුතර ක‍්‍රිකට් ලෝලීන්ගේ ඉල්ලීම අසන්ත මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව තුට්ටුවකට මායිම් නොකරන තත්ත්වයක් උද්ගතවී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

වත්මන් ක‍්‍රීඩා අමාත්‍යවරයාද තේරීම් කමිටුවේ ක‍්‍රියාකලාපය පිළිබඳව එතරම් පැහැදීමකින් නොසිටින බව දැනගන්නට තිබේ.

කොදෙව් පිලට එරෙහිව පළමු එක්දින තරගය ලබන 22 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම තරගය සඳහා අවසන් 15 දෙනාගේ සංචිතය පසුගිය බ‍්‍රහස්පතින්දා (20) වැනිදා නම් කරන බව තේරීම් කමිටුව පවසා ඇත.

මැතිව්ස් බෑ කියයි, නායකත්වය මාලිංගට

කොදෙව් පිලට එරෙහිව විස්සයි - 20 තරග දෙකේදීද නායකත්වයේ වගකීම ලසිත් මාලිංගට පවරා ඇති බව වාර්තා වේ.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය බාරගන්නා ලෙස තේරීම් කමිටුව ආරාධනා කර ඇති බවද මැතිව්ස් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කර ඇති බවද ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වාර්තා කරයි.

තේරීම් කමිටුව සහ සෙසු පරිපාලනය පිළිබඳව ක‍්‍රීඩකයන් තුළ දැඩි විශ්වාසය පළුදු වීමේ තත්ත්වයක් පවතින බවද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top