ඒ අනුව මෙතෙක් පැවැති එක්දින තරග තුනම ජයගත් දකුණු අප්රිකාව එක්දින තරගාවලිය 3-0ක් ලෙස කල්තියා ජය ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට ශ්රී ලංකාවට ආරාධනය කිරීමෙන් පසුව ශ්රී ලංකාවට සියලුදෙනා දැවී පන්දුවාර 39.2කදී ලබාගත හැකිවූයේ ලකුණු 163ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකාව පන්දුවාර 32කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.
...................
දකුණු අප්රිකාව, ලංකාව 163කට සීමා කරයි
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (04දා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.2 කදී ලකුණු 163 කට දැවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. නිරෝෂන් දික්වැල්ල (74) හා උපුල් තරංග (31) ශ්රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක් රැස්කළ අතර සෙසු කඩුලු සියල්ල ලකුණු 103ක් අතරතුර දැවී යාම විශේෂිතය.