Feb 20, 2020

නායකත්වයෙන් ඉවත් කළත් කණ්ඩායම නිසා ඉන්නවා - මාලි Featured

තමන් නායකත්වයෙන් ඉවත් කළද කණ්ඩායම වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබා දීමට සූදානම් බව ශ‍්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

කණ්ඩායම භාර ගන්නා අවස්ථාවේදීත් අපි ශ්‍රේණිගත කිරීම්වල සිටියේ අංක 9 ස්ථානයේ බවද විස්සයි-20 ලෝක කුසලානයේදී සුදුසුකම් ලබා ගැනීමේ වටයක් ක්‍රීඩා කරන්න අපට සිදුවීම කණස්සල්ලට කරුණක් බවද හෙතෙම සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලසිත් මාලිංග මෙසේද පැවසීය.

"සෑම විමට තරගාවලියෙන් තරගාවලිය මම උත්සාහ කළා නවකයන්ට උපරිම අත්දැකීම් ලබාදෙමින් තරගාවලි ජයගන්නට. ඒ සඳහා අපගේ සැලසුම්වලට අනුව සෑම ක්‍රීඩකයකුම හොඳින් ක්‍රීඩා කරන්නටත් තම උපරිම දක්ෂතා ලබාගන්නටත් උත්සාහ කළ යුතුයි. නමුත් පසුගිය කාලයේදී අපට ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ෂතා උපරිම තත්ත්වයට ගන්න නොහැකි වුණා. අප තවමත් ඊට උත්සාහ කරනවා. කෙසේ වෙතත් මගේ නායකත්වය මට ප්‍රශ්නයක් නොවෙයි ඉදිරි තරග ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරන්න. මගෙන් කණ්ඩායමට යමක් අවශ්‍යනම් ඒ දෙය ලබා ගන්න කියා මම ක්‍රිකට් ආයතනයටත් දන්වා සිටියා. ඒ වගේම මට පුළුවන් කමක් තියෙනවා නම් තනි අතින් හරි තරගයක් දිනවන්නට මම කටයුතු කරනවා"

විස්සයි - 20 ලෝක කුසලානය ඉලක්ක කරගෙන යොවුන් ක්‍රීඩකයන්ට ස්ථාවරයක් ලබාදීම මේ අවස්ථාවේදී අනිවාර්යයයෙන් සිදු කළ යුතු කරුණක් බව මාලිංග වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි පුවත්

මාලිංගට ලැජ්ජ නෑ, තේරීම් කමිටුවටත් දැඩි විවේචන

මාලි කොදෙව් තරඟාවලියෙන් ඉවතට - ඔටුන්න ඇන්ජිට හෝ දසුන්ට

මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමේ අවදානමක්

විස්සයි - 20 නායකත්වය වෙනස් වන ලකුණු, නායකයා දසුන් ශානක ද?

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top