ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ලිඛිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට දන්වා තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකා කන්තා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශෂිකලා 2003 වසරේදී එක්දින වරම් දිනාගත් අතර ඇය මේ වනවිට එක්දින තරග 118කදී අර්ධශතක 07ක් සමගින් ලකුණු 2,029ක් ලබා සිටින්නීය.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස දක්ෂතා දැක්වූ ඇය එක්දින තරගවලදී කඩුලු 124ක් දවාගෙන තිබේ. 2005 වසරේදී පාකිස්තානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 11කට කඩුලු 04ක් දවාගැනීම ඇයගේ එක්දින පන්දු යැවීමේ ඉහළම දක්ෂතාවයයි.
ලකුණු 1000කට වැඩියෙන් රැස්කළ හා කඩුලු 100කට වැඩියෙන් දවාගත් පළමු හා එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවද ඇය වන අතර 2014 වසරේදී ජාත්‍යන්තර එක්දින පිටියේ තුන්ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ හිමිකර ගැනීමටද ඇය සමත් වූවාය.
ඕස්ට්‍රේලියාවේදී හෙට (21) ඇරඹෙන විස්සයි - 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Last modified on Friday, 21 February 2020 10:56
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362