Feb 21, 2020

ක්‍රිකට් විකාශන ටෙන්ඩර් පිරිනැමීම ගැන CIDට හොයන්න කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීමේදී අඩු ලංසුවක් තැබූ ටාජ් ටී.වී. ආයතනය වෙත ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් ඇ.ඩො. 18,242,411 ක මූදල් ප්‍රමාණයක් ( රුපියල් කෝටි 310ක් පමණ)  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට අහිමිවීම පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව මෙහිදී සියවිරෝධය පල කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු සම්බන්දයෙන් ටෙන්ඩර් පිරිනැමී පිළිබඳ සොයාබැලීම අමාත්‍යාංශ ලේකම් හරහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කෝප් කමිටුවේදී නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් පුහුණු විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සඳහා වසර 30කට අදාල බදු මුදල් වශයෙන් රුපියල් මිලියන 26.25 මල්වතු පාර්ශවය වෙත ගෙවීමට එකඟ වී තිබුණත් එම බදු මුදල් ප්‍රමාණය ඉක්මවමින්  රුපියල් මිලියන 50 පරිත්‍යාග වශයෙන් මල්වතු පාර්ශවය වෙත ලබිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව අනුමැතිය ලබාගෙන ඇති බවද මෙහිදී  අනාවරණය විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top