Feb 27, 2020

මාරියා ෂරාපෝවා ටෙනිස් පිටියට සමුදෙයි

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 5කට හිමිකම් කියන ටෙනිස් ලොව රැජිනක් ලෙස වැජඹුනු මාරියා ෂරාපෝවා ටෙනිස් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරයි.

'වැනිටි ෆෙයාර්' හා 'වෝග්' සඟරා විසින් පළ කළ ෂරාපෝවා ගේ විශේෂාංග ලිපියක මේ බව සඳහන් වේ.

මේ වන විට 32 වියේ පසුවන ඇය මෙහිදී පවසා තිබුණේ තමා තවත් කන්දක් තරණය කිරීමට සූදානම් බවයි.

"ටෙනිස් ක්‍රීඩාවට මගේ ජීවිතය කැප කරද්දී ටෙනිස් ක්‍රීඩාව මට ජීවිතයක් ලබා දුන්නා," යැයි ෂරාපෝවා මෙහිදී වැඩිදුරටත් පවසයි.

රුසියාවේ උපන් ෂරාපෝවා, 2004 විම්බ්ල්ඩන් අවසන් මහා තරගයේදී සෙරීනා විලියම්ස් පරදවමින්  ජත්‍යන්තරයට තලයට පිවිසීමට සමත් වූවාය. ඒ වන විට ඇය වයස 17ක තරුණියෙකි.

ඉන් වසරකට පසු, ඇය ලෝක ටෙනිස් සංගමයේ ශ්‍රේණිගතකිරීම් වලින් අංක එකට පැමිණීමට සමත් වූ අතර, ඇය සති 21ක් පුරාවට මෙම ස්ථානයේ රැඳී සිටීමට සමත්විය.

කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇය වසර 2016දී මාස 15ක තරග තහනමකට ලක්වූවාය. ඉන්පසුව දකුණු උරහිසේ ආබාධයක් හේතුවෙන් ඇය ශල්‍යකර්ම කිහිපයකට ලක්විය. මේ කරුණු ඇගේ ක්‍රීඩා සාර්ථකත්වයට දැඩි ලෙස බලපෑ අතර, ඇය මේ වන විට ලෝක ටෙනිස් සංගමයේ ශ්‍රේණිගතකිරීම් වලින් අංක 373 රැඳී සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top