මේ සම්බන්ධයෙන් පත් කර ඇති විනය කමිටුවේ තීන්දුව ඉදිරියේදී ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපතිවරයා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසීය.
ගියේ ආදේශක ක්‍රීඩකයන් මදි නිසා
මෙම සිද්ධිය සම්බන්ධයෙන් CR & FC හි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙලෙස සිය කණ්ඩායම පිටියෙන් ඉවත්ව යාමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආදේශක ක්‍රීඩකයන් නොසිටීම බවයි.
“මහනුවර තරගයෙන් පසුව අපට ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇස් ලෙඩ වලින් පීඩා වින්ඳ නමුත්, පොලිස් ක්‍රීඩා සමාජය සමග තරගයට පෙර, කෙවින් ඩික්සන් ට හැර අනෙකුත් සියලුම ක්‍රීඩකයින් හට ක්‍රීඩා කිරීමට තරඟ කොමසාරිස් ගේ අවසරය ලැබී තිබුණා. මෙතන ගැටලුව වන්නේ තරගය අතරතුර පොලිස් ක්‍රීඩා සමාජය දැක්වූ විරෝධයක්. මේ සමග ඔමාල්ක ගුණරත්න වැනි අපේ ක්‍රීඩකයින්ට ක්‍රීඩාවට සහභාගී වීමට විනිසුරුවන් ඉඩ ලබා දුන්නේ නෑ. ඔමල්ක ටික වේලාවක් ක්‍රීඩා කලත්, ඔවුන් පසුව අසාධාරණ ලෙස පැවසුවේ ඔහුට ක්‍රීඩා කළ නොහැකි බව," යැයි මෙම ප්‍රකාශකයා පැවසීය.
කෙසේ වෙතත්, ඔවුන් මේ බව තරගයට පෙර අපට දන්වා තිබුණේනම් අපට වැඩිපුර ආදේශක ක්‍රීඩකයන් ගෙන එන්න තිබුණා. ඔමල්ක තරම් ඔවුන් දක්ෂ නොවුනත් ඔවුන් පිටියට පැමිණ ක්‍රීඩා කරාවි. මේ සම්බන්ධයෙන් අපි නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා, යැයි මෙම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය."
ඇස් ලෙඩ
මේ අතර, පොලිස් ක්‍රීඩා සමාජයේ කලමනාකාරිත්වය පවසා තිබුනේ CR & FC ක්‍රීඩකයන් හට බෝවන රෝගයක් වන ඇස් ලෙඩ තිබීම සම්බන්ධයෙන් තරගය ආරම්භ වීමට පෙර පැමිණිලි කළ බවයි.
කෙසේවෙතත්, CR & FC ක්‍රීඩකයන් පිටියෙන් ඉවත්වීම ලැජ්ජා සහගත බවත් ඒ සම්බන්ධයෙන් රග්බි සංගමය නිසි පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්, පොලිස් ක්‍රීඩා සමාජයේ කලමනාකාරිත්වය වැඩිදුරටත් සඳහන් කරයි.