Mar 03, 2020

එංගලන්තය ලංකාවේදී අතට අත දෙන්න බෑ කියයි

නව කොරෝනා වෛරස් අවධානම හමුවේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී අතට අත දීමෙන් වැළකී සිටීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ.

පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේදී මතුවූ සෞඛ්‍ය ගැටලු කිහිපයක් අවධානයට යොමුකරමින් මෙම තීරණය ගත් බවද විශබීජවලින් වැළකී සිටීම සඳහා නිරතුරුව දෑත් සේදීමට පියවර ගෙන ඇති බවද විශබීජ නාශක දියර භාවිතය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවද නායක ජෝයි රූට් පවසයි.

ටෙස්ට් තරග 2 කට සහභාගීවීම සඳහා එංගලන්ත කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඔවුන් පළමු පුහුණු තරගය ලබන සෙනසුරාදා (07) කටුනායකදී පැවැත්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top