Mar 07, 2020

ශ්‍රී ලංකාවට ක්‍රිකට් දක්ෂතා වලින් අඩුවක් නැහැ - මාවන්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දක්ෂතා අඩු නොවන බව හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු මහතා පවසා තිබේ.

Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය පිළිබව ස්පෝට්ස්ටාර් සඟරාව සමඟ අදහස් දක්වමින්  ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද ගමන් කරන ආකාරය ගැන සහ සංක්‍රාන්ති අවධිය ජය ගැනීම සඳහා කණ්ඩායම ටිකක් වැඩි කාලයක් ගත කරනවා යැයි ඔහු සිතන්නේද යන්න පිළිබඳව ඔහුගේ අදහස් විමසූ විට ඔහු මෙසේ කියා සිටියේය.

"ඉතා සරළව කියනවා නම්  සංක්‍රාන්තිය යන පදය සමඟ මම එකඟ නැහැ  ."

"එය සැලසුම් කිරීමේ දුර්තාවලතාවයක්. මම හිතන්නේ මෙතන කෝකියෝ වැඩී. අපිට දක්ෂතා අඩු නැහැ. නමුත් දක්ෂතා ඔප දැමීම අපි හරි ආකාරයෙන් කරලා නැහැ."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top