Mar 09, 2020

ලංකාවේ ලෙජන්ඩ්ස් ලා ට ජය

ඊයේ (08) ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිලට එරෙහිව මුම්බායි හි පැවති 'රෝඩ් සේෆ්ටි' තරගාවලියේ දෙවැනි තරඟය ලකුණු 7කින් ජයගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 161 ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළේ රොමේෂ් කළුවිටාරණයි. පන්දු 26කින් ලකුණු 30ක් රැස්කිරීමට ඔහු සමත් විය. චාමර කපුගෙදර ද පන්දු 18කින් ලකුණු 28ක් ලබාගත්තේය.

පිළිතුරු ලෙස පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිල හට අවසාන පන්දුව වන විට ලබාගත හැකි වූයේ ලකුණු 15ක් පමණි. මෙහිදී නේතන් රියර්ඩන් පන්දු 53 කදී ලකුණු 96 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල හෙට දිනයේදී (10) ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට එරෙහිව ක්‍රීඩා කරනු ඇත.

ලකුණු
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් 161/8 (පන්දුවාර 20)

රොමේෂ් කළුවිතාරණ 30 (26), චාමර කපුගෙදර 28 (18), බ්‍රැඩ් හොජ් 2/18, ජේසන් ක්‍රෙජ්සා 2/37

ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් 154 (පන්දුවාර 19.5 කදී)
සේවියර් ඩොහර්ටි 15 (13), නේතන් රීර්ඩන් 96 (53), ටී.එම්. දිල්ෂාන් 3/35, රංගන හේරත් 2/5

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top