Mar 09, 2020

තහනම් උත්තේජක චෝදනා විසිවෙයි, කුසල්ට මිලියන 90ක වන්දියක් ! Featured

ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් හට අමෙරිකානු ඩොලර් 500,000ක වන්දි මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 90කට වැඩි වන්දි මුදලක් ලැබීමට නියමිතව ඇති බව වාර්තා වේ.

වාඩා ආයතනය විසින් මෙම වන්දි මුදල් ගෙවීමට නියමිතව ඇත්තේ 2015 වසරේ දී වැරැදි පරීක්ෂණ වාර්තා මත පදනම්ව කුසල්ට තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනාව අදාළවය.

ඒ අනුව අදාළ සිද්ධිය නිසා වූ අපකීර්තිය හේතුවෙන් කුසල් ජනිත්ට වන්දි මුදලක් සහ නිදොස් බව සනාථ කිරීම වෙනුවෙන් වැය වූ මුදල් ගෙවීමටද වාඩා ආයතනය කටයුතු යොදාඅ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.     

අදාළ වැරැදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් කුසල්ට වසර 4ක තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ්ය.                                                                                             

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top