Mar 13, 2020

ඔලිම්පික් පන්දම දල්වයි (වීඩියෝ)

ඔලිම්පික් චාරිත්‍ර අනුව, වසර 2020 තෝක්යෝ ඔලිම්පික් උළෙල සඳහා ඔලිම්පික් පන්දම ඊයේ (12) දල්වා තිබේ.

මෙම උත්සවයේ විශේෂත්වය වූයේ එය නැරඹීමට ප්‍රේක්ෂකයන් හට අවස්ථාව ලබා නොදීමයි. ඒ, පවතින COVID-19 කොරෝනාවෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මෙම අවස්ථාවට ආරාධනා ලබා තිබුණේ සීමිත පිරිසක් පමණි.

මෙය, 1984න් පසුව ප්‍රේක්ෂකයින් නොමැතිව මෙම උත්සවය පැවැත්වුණු පළමු වසරයි.

කෙසේවෙතත්, 2020 තෝක්යෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීම හෝ කල්තැබීම වැළැක්වීමට ගත් මේ පියවරයන් පිළිබද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති - තෝමස් බාක් පවසා තිබුණි.

2020 තෝක්යෝ ඔලිම්පික් උළෙල ජූලි 24 දා සිට ආරම්භ වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top