එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි.
දැනට ශ්‍රී ලංකාවේ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හැකි ඉක්මණින් එංගලන්තයට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද එහි සඳහන්වේ.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට ගත් ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය එළඹෙන 19 වැනිදා ගාල්ලේ දී ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබේ.
Last modified on Saturday, 14 March 2020 16:52
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362