මේ වන විට 32 වියේ පසුවන කුක්, ටෙස්ට් තරග 59කදී එංගලන්ත පිළට නායකත්වය ලබාදී ඇති අතර, ඔහුගේ නායකත්වය යටතේ වසර 2013 හා 2015 දී පැවති අළුබඳුන තරගාවලි ජයගැනීමට ද එංගලන්තය සමත් විය.
කෙසේ වෙතත්, ඉන්දියාවට එරෙහිව ලද 4-0 ක පරාජය හමුවේ තමාගේ භූමිකාව පිළිබඳව පිළිබඳව තමන්ටම ගැටළු ඇති වූ බව කුක් පවසා තිබේ.
නායකත්වයෙන් සමුගැනීම ඉතා අසීරු තීරණයක් වුවත්, එය තමා හා කණ්ඩායම වෙනුවෙන් නිවැරදි තීරණයක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම විශාල වරප්‍රසාදයක් බව පවසන ඔහු, වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ තවදුරටත් ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩාකරමින් මීළඟ නායකයා ඇතුළු කණ්ඩායමට හැකිතාක් දුරට සහය වීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.