Mar 21, 2020

ඔලිම්පික් නවත්තන්න තවම තීරණයක් නෑ

ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය අවලංගු කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තීරණයකට එළඹ නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

එහි සභාපති තෝමස් බැච් පවසන්නේ ලොව පුරා පැතිරී යන කොරෝනා වෛරසය හේතුවෙන් ක්‍රීඩකයින් බොහෝ පිරිසක් එහි බලපෑමට ලක්ව සිටින බවයි.

කෙසේවෙතත් ඔලිම්පික් තරගාවලිය අවලංගු කිරීම පිළිබඳව මේ වන විටත් අවධානය යොමුවී නොමැති බවද වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ අවසන් නිගමනයකට එළඹෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top