Mar 23, 2020

කොරෝනා සටනට ක්‍රිකට් ආයතනයෙන් මිලියන 25ක්

පවතින Covid-19 වසංගත තත්වයට එරෙහිව රජය විසින් ගනු ලබන ක්‍රියාදාමයට සහය දැක්වීමක් ලෙස රු. මිලියන 25ක් ප්‍රදානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටින්නේ මෙම අරමුදල වහාම රජයට භාරදෙන බවයි.

පවත්නා සෞඛ්‍ය ගැටලුවේ බරපතලකම අවබෝධ කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්, මෙම අවස්ථාවේදී Covid-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා රජයට සිය පූර්ණ සහාය ලබා දීමට තවත් පියවර කිහිපයක් ගෙන තිබෙන බවද එම නිවේදනයේ දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top