මෙම තරගාවලියට මහා බ්‍රිතාන්‍යයෙන් කණ්ඩායමක් යැවීමට අපහසු බව බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමයේ සභාපතිවරයා මේ වන විටත් IOCය වෙත දන්වා තිබේ.
2020 තෝක්යෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී නොවන බව මේ වන විට කැනඩාව මෙන්ම ඕස්ට්‍රේලියාවද තීන්දු කර ඇත.
“IOCය ට ලැබී ඇති තොරතුරු අනුව මෙම තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇති බව පවුන්ඩ් 'USA Today' වෙත පවසා තිබේ.
2020 තෝක්යෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සමබන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට IOCය සති 4ක කාලයක් වෙන් කර ඇති නමුත්, පවුන්ඩ් මහතා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ඉක්මනින්ම ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි.
(බීබීසී පුවත්)