Mar 28, 2020

නිරෝධායනය වුනොත් ක්‍රිකට් Highlights දෙනවා Featured

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස් තුලට වී රැඳි සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නව වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වසර 45ක කාලය තුළ සංවිධානය කළ තරඟවලින් සුවිශේෂී තරඟ යළි විකාශය කිරීමට තීරණය කරමින්ය.

1975 වසරේ සිට මෙතෙක් පැවැති සුවිශේෂී ක්‍රිකට් තරඟ  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ Facebook හා Youtube ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යළි විකාශය කිරීමට සැලසුම් කර ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් ජගත් ක්‍රිකට් පිටියේ සැලසුම් කර තිබූ සියලු තරඟ මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදුව තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top