හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර මෙම වැඩසටහනට සම්බන්ධ වෙමින් ආහාර රැගෙන යන වාහනයක රියදුරු ලෙස සහය දැක්වීමට ඉදිරිපත් වන බව දුරකථන ඇමතුමක් ලබා දී තලංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයාට දැනුම් දී තිබේ.
ඒ ඇමතුමෙන් ඔහු සඳහන් කර ඇත්තේ තව දවස් දෙකකින් තමන්ගේ ස්වයං නිරෝධානය කටයුතු අවසන් වන නිසා ඉන් පසුව මෙම ආහාර බෙදා දෙන වාහන වල රියදුරෙකු ලෙස කටයුතු කිරීමට සුදානම් බවයි.
කෙසේ වෙතත් සංගාගේ මෙම දුරකථන ඇමතුම පිළිබඳව තලංගම පොලිසියේ නිලධාරියෙකු සිය මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා තිබුණි.