Mar 30, 2020

කොරෝනා මර්ධන සටනට ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් අත්‍යවශ්‍ය උපකරණ Featured

කොරෝනා වසංගතය පාලනය කිරීමේ වැඩපිලීවෙලට දායකත්වය සැපයීමේ අරමුණින් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් හෝමාගම රෝහලට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ලබාදී තිබේ.

හෝමාගම රෝහල් පාලනාධිකාරිය සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම පියවර ගෙන තිබුණි.

එසේම කොළඹ ජාතික රෝහලට අවශ්‍ය උපකරණ ලබා ගැනීමටද ඔවුන් මුදල් පරිත්‍යාගයක් සිදු කළේය.

කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට රජය ගන්නා සෑම වැඩපිළීවෙලකටම සිය කණ්ඩායම උපරිම දායකත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.  

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top