Mar 31, 2020

කොරෝනා මඩින්න මුරලි, සංගා හා මහේල දායක වෙයි Featured

ලොව බිහිවු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 05ක් ලබා දී තිබේ.

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වනදා ස්ථාපනය කළේය.

සංගා හා මහේලගෙන් වියළි ආහාර සළාක 7000ක්

ස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබේ.

අතිශය දුෂ්කර මෙම කාල සීමාව තුළ උතුරු ප්‍රදේශයේ මෙන්ම ඊට අමතරව කෑගල්ල සහ රුක්මල්ගම ප්‍රදේශවල පවුල් 7000ක් පමණ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව අවශ්‍යතා ඇති අය තෝරාගනිමින් මෙම වියළි සලාක පරිත්‍යාගය සිදු කර තිබේ.

දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් ද කොළඹ මහ රෝහලට සහ හෝමගම රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top